Posts

සහෝදර සෙබළුන් දෙදෙනාට දඬුවම් නොකරන්නැයි ලිපියක් ලියා තබා යුද හමුදා සෙබලෙකු වෙඩි තබාගෙන අවසන් ගමන් යයි!

යාපනය අරාලි ප්‍රදේශයේ පිහිටි 17 වන ගැමුණු හේවා බළකා කඳවුරේ සේවය කළ යුද හමුදා සෙබලෙකු ඊයේ (28දා) රාත්‍රියේ සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි ව කයිට්ස් පොලීසිය පවසයි. මෙම යුද හමුදා නිලධාරියා සිය මුර සේවයේ යෙදී අවසන් වූ අවස්ථාවේදී ගසක් මුලට ගොස් විනාඩි 15 කට පමණ පසුව යුද හමුදා සෙබළාගේම ගිනි අවියෙන් වෙඩිතබාගෙන සියිදිවි හානි කොට ගෙන ඇති බව කයිට්ස් පොලීසිය පවසයි. මෙසේ සිය දිවි හානි කොට ගෙන ඇත්තේ 24 හැවිරිදි ජේ.එස්.ආර්. උදයකුමාර් වන අතර ඔහු රත්නපුර ප්‍රදේශයේ පදිංචිවූවෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත. කයිට්ස් පොලිස්  නිලධාරීන් විසින් මිය ගිය යුද හමුදා සෙබලා පරික්ෂා කිරීමේදී සෙබලාගේ නිලඇඳුමේ සාක්කුවක ලිපියක් තිබූ අතර එහි ලියා ඇත්තේ ඔහු සමග රාජකාර සිදු කළ සෙබලුන් දෙදෙනාට දඩුවම් නොකරන ලෙසත් ඔවුන් කිසිවෙක් මෙයට සම්බන්ධ නොමැති බවත්ය.